ලෝකයේ ප්‍රචලිත බතික් කලාව අභිබවා තිරසාර ජීවන රටාවට ඔබින පරිසර හිතකාමී ප්‍රින්තාරු/ බතික් කලාව අනාගත ලෝකයේ ඉතා ජනප්‍රිය කලාවක් ලෙස වේගයෙන් දියුණුවෙමින් පවතී. මෙම කලාව අතීතයේ මුතුන් මිත්තන් විසින් ස්වභාවික ශාක කොටස් යොදාගෙන ස්වභාවික වර්ණ ලබාගෙන, ස්වභාවික මල් , කොළ, ගෙඩි වර්ග යොදා රෙදි හෝ කඩදාසි වලින් ඉතාමත් අලංකාර නිර්මාණය සිදු කර ඇත.
බොහෝ බටහිර රටවල් වල මෙම කලාව ඉතාමත් ජනප්‍රිය වන අතර ඔවුන් කෘතිම වර්ණක හා අහිතකර රසායනික ද්‍රව්‍ය යෙදු ඇඳුම් පැළඳුම් වෙනුවට පරිසර හිතකාමී ප්‍රින්තාරු/ බතික් කලාව යොදාගත් ඇඳුම් පැළඳුම්, විසිතුරු විලාසිතා ආයිත්තම්, කඩදාසි නිර්මාණය වලට ප්‍රමුඛතාවයක් ලබා දෙයි.
එම නිසා අනාගතයේදී ඉතාමත්ම වටිනා මෙම තිරසාර ජීවන රටාවකට ඔබින පරිසර හිතකාමී ප්‍රින්තාරු/ බතික් කලාව දැනගැනීම සහ ඉන් නිෂ්පාදන කිරීමේ හැකියාව කුසලතාවයක් ලෙස දියුණු කරගැනීම ප්‍රයෝජනවත් වේ.
මෙම පුහුණු වැඩසටහන තරුණ, කාන්තා , කලාවට කැමති ඕනෑම ආධුනිකයෙක් සඳහා සුදුසු වෙයි.