3 සහ 4 ශ්‍රේණි වල අධ්‍යන කටයුතු අවසන් කල දරුවා 5 ශ්‍රේණියේ අධ්‍යන කටයුතු කරන අතරතුර ඔහු/ඇය මෙතෙක් උගත් දේ ශීඝ්‍ර පුනරීක්ෂණයක් තුලින් නැවත මතක් කර ගැනීමටත්, උගත් දේ විභාග ප්‍රශ්න පත්‍ර වලදී යොදා ගත යුතු ආකාරය පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමටත් ගැලපෙන ආකාරයෙන් මෙම පන්තියෙහි අන්තර්ගතය සකස් කර ඇත. ආදර්ශ ප්‍රශ්නපත්‍ර සඳහා නියමිත වේලාව තුළ පිළිතුරු සැපයීමට දරුවා හුරු කිරීමත්, පිළිතුරු පත්‍ර සාකච්ඡා කිරීම තුලින් නිවැරදිව පිළිතුරු සපයන ආකාරය පිලිබඳ දරුවාට අවබෝධයක් ලබා දීමත් මෙම පන්තියෙහි අරමුණ වේ.