පරිසරයේ ස්වභාවික සම්පත් සහ වර්ණ යොදා ගනිමින් අත්කඩදාසි නිපදවා එයින් විවිධ පරිසර හිතකාමී නිෂ්පාදන දේශීය සහ විදේශීය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම ඵලදායී අවස්ථාවක් බව ඔබ දන්නවාද?
අප රටේ විවිධ ප්‍රදේශවල නව හැකියාවන්, ආදායම් අවස්ථාවන් සොයමින් සිටින තරුණ තරුණියන්ට, කාන්තාවන්ට මෙය මහඟු අවස්ථාවක්!
අත් කඩදාසි සෑදීම එයින් විවිධ නිර්මාණ හා නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීම තුළින් ඔබගේ අනාගතය මෙන්ම පරිසරයේ හා රටේ ආර්ථිකයට ද තිරසාර අනාගතයක් ලැබෙන බව නොඅනු මානයි.
අදම ඔබගේත් හිතවතුන්ගේත් වටිනා කාලය මෙවැනි ඵලදායි දැනුම වැඩිවන වැඩසටහන් වෙත ආයෝජනය කරන්න.
එමෙන්ම සම්පූර්ණ පාඨමාලාව හරහා ප්‍රායෝගික පුහුණුවක් ලබා ගෙන නිර්මාණශීලී විවසායකයෙක් බිහි කිරීමට මෙම වටිනා පාඨමාලාව ආරම්භ කරන්න. අනිත් අයව දැනුවත් කරන්න.
ඒ වෙනුවෙන් රියල් ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය, අත් කඩදාසි ක්ෂේත්‍රයේ අදත්දැකීම් ඇති සම්පත්දායකයින් යොදාගෙන මෙම පාඨමාලාව හා වැඩමුළු මුල සිට සරලවම කියා දීම, නිසි මඟ පෙන්වීම හා නිසි ක්‍රමවේද තුළ මනාව අවබෝධයෙන් උගන්වන පාඨමාලාවකි.
මාර්ගගත සැසි පහක්, ප්‍රායෝගික පුහුණු වැඩමුළු සැසි තුනක් ලබාදෙමින් ඔබගේ ගැටළු වලට සාධාරණ පිළිතුරු, වීඩියෝ තාක්ෂණය මඟින් අත් කඩදාසි සෑදීම පිළිබඳව අත්දැකීම් බෙදා දීම, මගපෙන්වීම සහ පුහුණුව මගින් ඇගයීම් සිදු කරනු ලැබේ.
අවසාන දිනයේදී ප්‍රායෝගික පුහුණු වැඩමුළුව සහ අත් කඩදාසි සෑදීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය, නිර්මාණ කිරිම සඳහා අත්පොතක් ඔබට ලබාදේ.
පාඨමාලාව සඳහා සහභාගිවීමට මූලික සුදුසුකම්
- පරිසර හිතකාමී නිශ්පාදන සහ අත් කඩදාසි කලාව සඳහා ඇල්මක් තිබීම
- වයස අවුරුදු 18 ට වැඩි වීම
- නිවසේ සිට හෝ ආයතනයකට සම්බන්ධ වී නව නිර්මාණ කිරීම සඳහා යොදවා ගැනීමට හැකි වීම
පාඨමාලාව සඳහා සහභාගිවීමට මෙම පාඨමාලාව සුදුසුයි හැඟෙන සියලු දෙනාහට මේ පිළිබඳ විස්තර ලබාදෙන්න