අමු මල් යොදාගනිමින් විවිධ උත්සව සඳහා මල් සැරසිලි, තෑගි සහ මල් කළඹ, මංගල උත්සව සඳහා සැරසිලි ඉතා ප්‍රචලිතව සිදුවන අතර, ඒ සඳහා නිර්මාණශීලී හැකියාවෙන් යුතු නව ආධුනිකයන්ට කුසලතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ලබා දෙනු ඇත.
මෙහිදී පරිසර හිතකාමි සැරසිලි , දිරාපත් වන ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉතාමත් නිර්මාණශීලී ලෙස සහ තරගකාර මුදලකට වෙළඳපොළේ ඇති ඉල්ලුම වෙනුවෙන් උත්සව සහ විවිධ තෑගි සහ සැරසිලි ලෙස නිර්මාණය කිරීමට අවශ්‍ය කරන දැනුම සහ පුහුණුව ලබා දෙනු ඇත.
මෙම දැනුම ඔබට පෞද්ගලික නිර්මාණ සඳහා යොදාගත හැකි අතර නිර්මාණශීලී ව්‍යවසායකයෙක් ලෙස හෝ වෘත්තීමය මල් සැරසිලි නිර්මාණකරුවකු ලෙස අනාගතයේ දී යොදා ගත හැක.
-----------------------------------
මෙම වැඩසටහනට සහභාගී වන අයට අනිවාර්ය වේ.
- සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන ඔබ වීඩියෝ ON කර තම මුහුණ පෙනෙන සේ සම්බන්ධ වීම අත්‍යවශ්‍ය වේ.
- අපැහැදිලි තැන් ගැටලු ඇතිනම් ප්‍රශ්න ඇසීමේ වටයේදී සඳහා අවස්ථාව ලබාගෙන තමන්ගේ ගැටලු නිරාකරණය කරගන්න.
-----------------------------
එම පාඨමාලාවට පුහුණුව අත්‍යවශ්‍ය වුවත් දුර බැහැර සිට සම්බන්ධ වන අය සඳහා ප්‍රායෝගික පුහුණුවට සම්බන්ධ විය නොහැකිනම් නොමිලේ ඒ සඳහා අවශ්‍ය කරන වීඩියෝ එක ලබා දෙනු ඇත.
ප්‍රායෝගික පුහුණුව සඳහා පැමිණීමට හැකියාව තිබෙන අයට, ඒ සඳහා රුපියල් තුන් දාහක (Rs.3000/-) මුදලක් වෙනම ගෙවා අදාළ දිනයට පුහුණුව සඳහා සම්බන්ධ විය හැක.
ප්‍රායෝගික වැඩමුළුව සඳහා සහභාගි වී සාර්ථකව පාඨමාලාව සම්පූර්ණයෙන්ම අවසන් කරන අයට පමණක් ඒ සඳහා සහතික පත්‍රයක් පිරිනැමේ.